Feb 06, 2020

ස්පාටකස් තරුව සමුගනී

දශක හතක් පුරාවට හොලිවුඩ් පුරවරයේ දැවැන්ත තරුවක් වූ කර්ක් ඩග්ලස්, වසර 103ක් ආයු වළඳ අභවප්‍රාප්ත වී තිබේ.

වසර 1916දී උපත ලැබූ කර්ක්, පළමු වරට ඔස්කා සම්මානයක් සඳහා නිර්දේශ වූයේ 1949දී තිරගත වූ චැම්පියන් චිත්‍රපටය වෙනුවෙනි.

එහෙත් ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ 1960 හි තිරගත වූ ස්පාටකස් චිත්‍රපටය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ රංගනය ඔස්සේය.

ඔහු, ඔස්කා සම්මානලාභී මයිකල් ඩග්ලස් ගේ පියාණන් ද විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top