ඇමෙරිකාවේ ABC නාලිකාවට අනුව, මෙම වැඩසටහන නරඹා තිබුණේ මිලියන 23.6 ක ප්රේක්ෂක පිරිසක් පමණි. පසුගිය වසරේ නැරඹූ පිරිස මිලියන 29.5 ක් විය.
කෙසේවෙතත්, සුවිශේෂී වූ කාරණා කිහිපයක් මෙවර ඔස්කා සම්මාන උළෙලට ඇතුළත් විය.
ඉන් ප්රධානතම කරුණ වූයේ වසර 92ක ඔස්කාර් සම්මාන ඉතිහාසයේ පළමු වරට ඉංග්රීසි නොවන චිත්රපටයක් හොඳම චිත්රපටය ලෙස පිදුම් ලැබීමයි. මෙලෙස සම්මානයට පාත්රවූයේ දකුණු කොරියාවේ 'පැරසයිට්' චිත්රපටයයි.
මීට අමතරව ජූඩි චිත්රපටයේ ජූඩි ගාර්ලන්ඩ් ගේ චරිතයට පණපෙවූ රෙනී සෙල්වෙගර් හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබූ අතර, ජෝකර චිත්රපටය වෙනුවෙන් හොඳම නළුවා ලෙස යාක්වින් ෆීනික්ස් නම් විය.
(බීබීසී පුවත්)