Feb 12, 2020

කලා පොළ 2020, පෙබ. 23දා

කොළඹ සංස්කෘතික දිනපොතෙහි මග නොහැරිය යුතු ඉසව්වක් ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිල, ‘කලා පොළ 2020’ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ දී එළඹෙන පෙබරවාරි 23 වන ඉරුදින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව සමඟින් ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ එදින උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් මත, කලා පොළ මුල් වරට පැවැත්වුණේ 1993 වසරේ කලා කරුවන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙනි. එතැන් පටන් ජෝන් කීල්ස් සමූහයේ වසර 25ක නොබිඳුණු අනුග්‍රහය යටතේ, කලා පොළ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම එළිමහන් කලා අලෙවි ප්‍රදර්ශනය බවට පත්වූ අතර මෙය දේශීය චිත්‍ර ශිල්පීන් සහ මුර්ති ශිල්පීන් ගේ ජාලකරණයට මනා තෝතැන්නක් විය.

ජනතාවගේ නෙත් සිත් වර්ණවත් කරමින් පැවැත්වෙන කලා පොළ නැරඹීම සඳහා 2019 වර්ෂයේදී  31000ක් පමණ වූ නරඹන්නන් පිරිසක් සහ 350කට අධික කලාකරුවන් පිරිසක් එක් වූහ. තවද ළමා චිත්‍ර අන්තයේ 235කට අධික දුවා දරුවන් සදහා කලා නිර්මාණ කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබිණි. ගෙවීගිය වසර තුළ දී මෙන්ම මෙවර ද කලා පොළ සඳහා දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේකෂා කෙරේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top