Feb 19, 2020

ස්වදේශ් හි 'කාවේරි අම්මා' දිවියෙන් සමුගනී

ප්‍රවීණ කන්නඩ නිළියක් වන කිෂෝරි බල්ලාල් දිවියෙන් සමුගෙන තිබේ.

මියයන විට 82 වියේ පසුවූ ඇය, වියපත් වීම සමග ඇතිවූ රෝගී තත්ත්වයන් හේතුවෙන් බෙංගාලුර් හි පෞද්ගලික රෝහලක අවසන් සුසුම් හෙළා තිබේ.

දශක 5ක කාලයක් පුරාවට දක්ෂ නිළියක් ලෙස ජනප්‍රිය වූ ඇය, භාෂා කිහිපයකින් චිත්‍රපට 75 කට අධික සංඛ්‍යාවක රඟපෑවාය. කෙසේවෙතත් ඇය වඩාත් ජනප්‍රිය වන්නේ ෂාරුක් ඛාන් විසින් ප්‍රධාන නළුවා ලෙස රඟපෑ, 2004 දී තිරගත වූ 'ස්වදේශ්' චිත්‍රපටයෙනි. ඇය මෙහිදී රඟපෑවේ ශාරුක් ගේ චරිතය වූ මෝහන් කුඩා කළ හදාවඩා ගත් 'කාවේරි අම්මා' ගේ චරිතයයි.

මීට අමතරව, ඇය රාණි මුකර්ජිගේ 'අයියා' චිත්‍රපටයේද දීපිකා පදුකෝන්ගේ 'ලෆන්ග්නේ පරින්දේ' චිත්‍රපටයේද පෙනී සිටියාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top