මෙම තීන්දුව #MeToo ව්‍යාපාරයේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකේ.
මේ හේතුවෙන් 67 හැවිරිදි වෙයින්ස්ටයින් හට වසර 25ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දශක කිහිපයක් පුරාවට කාන්තාවන් හට ලිංගික අතවර සිදුකළ බවට කාන්තාවන් 80කට වැඩි පිරිසක් ඔහුට චෝදනා කර ඇත. හොලිවුඩ් නිළියන් වන ග්වයිනෙත් පාල්ට්රො, උමා තර්මන් හා සල්මා හයෙක් ද ඒ අතර වේ.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන විට ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් හාවි, නිව් යෝක් රෝහලකට ඇතුළත් කර තිබුණු අතර, මාර්තු 11 දා අධිකරණය විසින් ඔහුට දඬුවම් පමුණුවන තෙක් ඔහුව Riker's Island හි බන්ධනාගාරයකට මාරුකර යැවීමට නියමිතය.