Feb 27, 2020

පැරසයිට් අධ්‍යක්ෂ, නළුවා ගෙන් Covid-19 මඩින්න ආධාර

පැරසයිට් චිත්‍රපටයේ අධ්‍යක්ෂ බොන්ග් ජුන්-හෝ හා නළු සොන්ග් කැන්ග්-හො විසින් දකුණු කොරියාවේ පැතිර යන Covid-19 මැඩලීම සඳහා දායක වී සිටින කොරියානු ආපදා සහන සංගමයට මුදල් පරිත්‍යාගයක් සිදුකර ඇත.

මෙම පරිත්‍යාගයේ වටිනාකම වොන් මිලියන 100 (ඇ. ඩොලර් 82,360)කි.

පැරසයිට් චිත්‍රපටය පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරක් දිනාගැනීමට සමත් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top