Mar 02, 2020

ඩිස්නි සමාගමේ පළමු සමලිංගික සජීවිකරණ චරිතය එළිදකී

ඩිස්නි සමාගම වසින් සිය ඉතිහාසයේ පළමුවරට LGBTQ චරිතයක් එළිදක්වා ඇතැයි 'ස්ලේට්' සඟරාව වාර්තා කරයි.

ඒ, ඩිස්නි සමාගමට අයත් පික්සාර් (Pixar) සමගාම විසින් නිෂ්පාදනය කර ඇති අලුත්ම සජීවිකරණ චිත්‍රපටය වන  "ඔන්වර්ඩ්" (onward) චිත්‍රපටයේය.

මෙම චරිතය වන්නේ එක් ඇසක් ඇති දම් පැහැ සයික්‍්ලොප්ස් චරිතයක් යව ස්පෙක්ටර් නම් පොලිස් නිලධාරිනියකි. ඇය, සිය පෙම්වතිය පිළිබඳව සඳහනක් සිදුකරන බව එම සඟරාවේ දැක්වේ.

මෙම චරිතයට හඬකවා ඇත්තේ 'මාස්ටර් ඔෆ් නන්' හා 'රෙඩී ප්ලෙයර් වන්' වැනි අතිජනප්‍රිය නිර්මාණ වල එකතු වූ සමලිංගික, ඇමෙරිකානු නිළියක් මෙන්ම නිෂ්පාදකවරියක්ද වන ලීනා වේත්ය.

ඩිස්නි සමාගම විසින් සජීවිකරණ චිත්‍රපටයක විවෘතව සමලිංගික චරිතවක් නිරූපණය කරන පළමු අවස්ථාව මෙය වුවද, එම සමාගමේ සජීව චිත්‍රපට වලට මීට පෙර සමලිංගික චරිත ඇතුළත් වී තිබේ. "ස්ටාර් වෝර්ස්: ද රයිස් ඔෆ් ස්කයිවෝකර්" හි සමලිංගික සොල්දාදුවන් දෙදෙනෙකු අතර හාදුවක් සහිත දර්ශනයද, "බියුටි ඇන්ඩ් ද බීස්ට්" හි ලෙෆූවා ගේ චරිතය සමලිංගික චරිතයක් වීමද මීට නිදසුන් ය.

මායාබලයේ ආධාරයෙන් එක් දිනකට සිය මියගිය පියා හට යළි පණ දීමට උත්සහ කරන සහෝදරයන් දෙදෙනෙකු ගේ කතාපුවතක්  "ඔන්වර්ඩ්" චිත්‍රපටය ඔස්සේ දිගහැරේ. මෙම දෙසොයුරන් හට හඬකවා ඇත්තේ ජනප්‍රිය හොලිවුඩ් නළුවන් දෙදෙනෙකු වන ටොම් හොලන්ඩ් සහ ක්‍රිස් ප්‍රැට් ය.

"ඔන්වර්ඩ්" පූර්ව ප්‍රචාරක පටය පහතින් : 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top