ඒ අනුව, ලබන මාසයේදී තිරගත වීමට නියමතව තිබූ මෙම චිත්‍රපටය, නොවැම්බර් මාසයේදී එක්දැක්වෙනු ඇත.
ගෝලීය සිනමා වෙළඳපොල පිළිබඳව ඉතා ප්‍රවේශමෙන් සලකා සලකා බැලීමෙන් හා ගැඹුරින් ඇගයීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව 'නෝ ටයිම් ටු ඩයි' නිෂ්පාදකයෝ පැවසූහ.
Covid-19 කොරෝනාවෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මෙම චිත්‍රපටය තිරගත කිරීම පමා කරන මෙන් ජේම්ස් බොන්ඩ් රසික වෙබ් අඩවි දෙකක ආරම්භක සාමාජිකයන් ද විවෘත ලිපියක් මගින් ඉල්ලා තිබුණි.
ජේම්ස් බොන්ඩ් හෝ 007 නම් රහස් සේවා නියෝජිතයා ලෙස ඩැනියෙල් ක්‍රේග් අවසන් වරට පෙනී සිටීමට නියමිතව ඇති ඇති 'නෝ ටයිම් ටු ඩයි' නොවැම්බර් 12දා බ්‍රිතාන්‍යයේද,නොවැම්බර් 25දා ඇමෙරිකාවේදී එළදක්වනු ඇත.