Mar 06, 2020

සිබිල් නැන්දා ගේ පොතට ගිනස් වාර්තාවක්

දශක කිහිපයක් පුරාවට සුන්දර චිත්‍ර සහිතව ළමා කෘති රචනා කරන පුරෝගාමී ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කෘතියකට ගිනස් වාර්තාවක් හිමිව තිබේ.

මෙම වාර්තාව ලැබී ඇත්තේ එම මහත්මියගේ "පුදුම පළිඟුව" ළමා කෘතිය වෙනුවෙනි.

කෘතියක් වෙනුවෙන් වැඩිම විකල්ප අවසානයන් (most alternative endings for a book) සඳහා මෙම මෙම වාර්තාව පිහිටුවා තිබේ.

2019 ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු 'පුදුම පළිඟුව’ හි අවසානය සම්පූර්ණ කිරීමට දරුවන්ව යොමු කර තිබුණු අතර, දරුවන් විසින් සිය පරිකල්පන ශක්තිය සහ නිර්මාණශීලිත්වය යොදා ගනිමින් කතන්දර ලිවිම, සිතුවම් කිරීම සහ පද්‍ය රචනා ආදී ඕනෑම මාධ්‍යයක් භාවිත කරමින් මෙම කතාන්දරයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතු විය.

මේ සඳහා දිවයින පුරා ළමුන් ළමුන් 20,000ක් පමණ සම්බන්ධ වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top