Mar 11, 2020

ධර්මසේන පතිරාජාවලෝකන සහ පති-රූප එළිදැක්ම කල්යයි 

පවතින සෞඛ්‍ය සහ සමාජ තත්ත්වය සලකමින් ධර්මසේන පතිරාජාවලෝකන සහ පති-රූප කෘතිය ජනගත කිරීමේ උත්සවය කල්තබා ඇතැයි එහි සංවිධායකයන් පවසයි.

 

ජනතා මිත්‍රත්ව ලුමුම්බා සරසවිය, රුසියානු තානාපති කාර්යාලය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ආසියානු සිනමා කේන්ද්‍රය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට නියමිතව තිබූ මෙම උත්සවය, මාර්තු 23දා ප.ව.4.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී පැවැත්වීමට මීට පෙර කටයුතු යොදා තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top