Mar 12, 2020

ටොම් හෑන්ක්ස් ට, බිරිඳට කොරෝනා

ජනප්‍රිය, ඔස්කාර් සම්මානලාභී හොලිවුඞ් නළු ටොම් හෑන්ක්ස් හට හා ඔහුගේ බිරිඳ රීටා විල්සන්ට ද ඕස්ට්‍රේලියාවේදී ‘COVID-19’ නම් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකන් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන නව චිත්‍රපටයකට දායක වීම සඳහා තමා සිය බිරිඳ සමග ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙත ගිය වබත් එහිදී හෙම්බිරිස්සාව හා උණ ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව වෛද්‍ය උපදෙස් ලබාගත් බව හෑන්ක්ස් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබේ.

මේ වන විට ඔවුන් නිරෝධනය වී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top