Mar 19, 2020

Covid-19, කේරල පොලිසිය නටවයි (වීඩියෝ)

පවතින Covid-19 වසංගතය හමුවේ, අත් සේදීම යනු ගත හැකි ප්‍රධානතම ආරක්ෂක පිළිවෙතක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මේ සමග නිවැරදිව දෑත් සෝදන ආකාරය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමේ විවිධ ප්‍රචාරණ මේ දින වල ලොවපුරා දක්නට ලැබේ.

නිවැරදිව දෑත් සෝදන අයුරු වෙනස් අයුරකින් මහජනයාට කියාදෙමින් අන්තර්ජාලය සෙලවීමට පසුගියදා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පොලිසිය සමත් විය.

ඒ, මුහුණු ආවරණ පැළඳ, නිවැරදිව දෑත් සෝදන අයුරු පෙන්වමින් සිදුකරන නර්තනයක් පසුගිය අඟහරුවාදා දිනයේදී ෆේස්බුක් සමාජ ජාලයට එක්කරමිනි.

ප්‍රිත්විරාජ් ගේ Ayyapanum Koshiyum චිත්‍රපටයේ Kalakkatha නම් මලයාලම් ගීතයට නටන පොලිස් නිලධාරීන්ගේ මෙම වීඩියෝව මේ වන විටත් ලොවපුරා ප්‍රචලිත වී අවසන්ය.

එම අපූරු වීඩියෝව පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top