ඒ, Covid-19 කොරෝනාවෛරසයෙ නිසා ඇතිවූ බලපෑමට ලක්වීමෙනි.
මීට වසර 66 කට පෙර හියු හෙෆ්නර් විසින් ආරම්භ කරන මෙම සඟරාවේ නිත්‍ය මුද්‍රණ සංස්කරණයක් යළිත් නිකුත් නොවනු ඇති බව එම සමාගම පවසයි.
ප්ලේබෝයි එන්ටර්ප්‍රයිසස් හි ප්‍රධාන විධායක නිලධාරී බෙන් කෝන් පැවසුවේ පසුගිය කාලය පුරාවටම අලෙවිය අඩුවෙමින් පැවති මෙම සඟරාවට, අවසානයේදී Covid-19 වෛරසයෙන් අවසන් මරුපහර වැදුනු බවයි.
මේ අනුව, මෙම සඟරාවේ Spring 2020 නිකුතුව එහි අවසන් මුද්‍රිත සඟරාව බව එම සමාගම තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පවසයි.
මේ අනුව ඉදිරියේදී ඔවුන් ඩිජියල් ප්රකාශනයක් ලෙස සිය නිෂ්පාදන පළකරන බව ඔහු කියාසිටියි.
කෙසේවෙතත්, ලබන වසරේ සිට විශේෂ අවස්ථාවලදී පමණක් විශේෂ මුද්‍රිත නිකුතුවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.
වසර 1953දී ඇරඹුනු ප්ලේබෝයි දශක කිහිපයක් පුරාවටම අතිජනප්‍රිය සන්නාම නාමයක් බවට පත්වූ අතර, 1970 වැනි දශකය වන විට මෙම සඟරාවේ එක් නිකුතුවක් පිටපත් මිලියන 07කට වැඩි ප්‍රමාණයක් ලොවපුරා අලෙවි විය.