Mar 23, 2020

හට්ටි මුට්ටි වලට තට්ටු කරලා Covid-19 සටනේ විරුවන්ට හරසර (වීඩියෝ)

මේ දිනවල සිය නිවෙස් වල සිටින මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් එකවර සිය වහළවල් හා සඳළුතල වෙත පැමිණ භාජන හා බඳුන් වලට ගසමින් දැවැන්ත ඝෝෂාවක් නගා තිබේ.

ඒ, ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින Covid-19 කොරෝනාවෛරසයට එරෙහි සටනට එක්ව සිටින වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සේවකයින්ට හරසර දැක්වීමක් වශයෙනි.

විනාඩි 10ක් පුරාවට මෙලෙස සිදුකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමස්ථ ඉන්දීය වාසීන්ගෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව ඉන්දීය වැසියන් සිය නිවෙස් වල සිට ඝෝෂා නගමින් හරසර දැක්වූ අයුරු පහත දැක්වේ.

වීඩියෝ : (ද ගාඩියන්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top