පාඩම් 30කින් සමන්විත මෙම මාලාව, අද (මාර්තු 24දා) සිට Weverse නම් සමාජ ජාල ඇප් මෘදුකාංගය ඔස්සේ ආරම්භ වනු ඇත.
භාෂා දැනුම නොමැති වීම හේතුවෙන් BTS සංගීතයේ අන්තර්ගතය රස විඳීමට අපහසු ගෝලීය රසිකයින්ට පහසු සහ විනෝදජනක වන පරිදි මෙම පාඩම් මාලාව නිර්මාණය කර ඇති බව මෙම කණ්ඩායමේ කළමනාකරණ සමාගම පවසයි.
මේ දින පැතිර යන Covid-19 කොරෝනාවෛරසය හේතුවෙන් නිවෙස් තුළට කොටුවී සිටින BTS රසිකරසිකාවින් හට මෙය අපූරු අවස්ථාවක් වුවද, මෙම පාඩම් මාලාව පිළිබඳව අදහස මුලින් ඉදිරිපත් කරන විටදී මෙවැනි තත්ත්වයක් පැවතුණේ නැත.
මේ පිළිබඳව මලින්ම නිල වශයෙන් ප්රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය මාසයේදීය.