උඩර්සෝ මහතා සිය නින්දේ දී ඇති වූ හෘදයාබාධයකින් සිය නිවසේදී අභවප්‍රාප්ත වූ බව ඔහුගේ බෑණනුවන් පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
උඩර්සෝ මහතා ඇස්ටරික්ස් කතාමාලාව මුලින්ම නිර්මාණය කළේ 1959දී ය. ඒ, සිය මිතුරෙකු වන රෙනේ ගොස්කින්නි සමගිනි.
කෙසේවෙතත්, 1977දී ගොස්කින්නි මියයාමත් සමග ඔහු මෙහි චිත්‍ර ඇඳීම මෙන්ම කතාව රචනාව නිර්මාණය කිරීමට කටයුතු කළේය.
රෝමානු අධිරාජ්‍යයට එරෙහිව සටන් කළ ගෝලිෂ් රණශූරයන්ගේ වික්‍රමාන්විතයන් පිළිබඳ රසවත් නිර්මාණ රැසක් ඇතුළත් ඇස්ටරික්ස් කතා මාලාවේ පිටපත් මේ වනවිට මිලියන 370ක් ලොවපුරා අලෙවි වී ඇති අතර, මේ ඇසුරෙන් කාටූන් ද චිත්‍රපට ද නිර්මාණය වී ඇත.
භාෂා රැසකට පරිවර්තනය වී ඇති ඇස්ටරික්ස් කතාමාලාවේ කාටූන් නිර්මාණයේ සිංහල හඬකැවීම මෙරට ජනප්‍රිය වූයේ 'සූර පප්පා' ලෙසයි.