1942 ජනවාරි 10 වැනිදා ගාල්ල නාගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ නාගොඩවිතාන මහතා අභාවප්‍රාප්ත වනවිට 78 වැනි වියේ පසුවිය.
80 දශකයේදී තිරගත වූ කැකිල්ලේ රජ්ජුරුවෝ හා කෝලම්කාරයෝ ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ නාගොඩවිතාන මහතා කැකිල්ලේ රජ්ජුරුවෝ, ගුත්තිල මූසිල, මහදැනමුත්තා වැනි චිත්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කළහ.
චිත්‍රපට සංරක්ෂකවරයකු ලෙස පසුකාලීනව සිනමා ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූ නාගොඩවිතාන මහතා අතිශයින් දුර්ලභ සිංහල, හිංදි, ද්‍රවිඩ හා ඉංග්‍රීසි චිත්‍රපට රාශියක් සංරක්ෂණය කර ඇත.
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ නාගොඩවිතාන මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට (26) පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
(ලංකාදීප)