Apr 08, 2020

Enchanted 2 ට ඒමි රෙඩී ලු

=2007 අතිජනප්‍රිය වූ 'එන්චාන්ටඩ්' චිත්‍රපටයේ දෙවැනි කොටස පිළිබඳ සලකා බැලීමට තමා සූදානම් බව එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ඒමි ඇඩම්ස් පවසයි.

'ඩිස්එන්චාන්ටඩ්' නමින් 'එන්චාන්ටඩ්' චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමට කටයතු අරඹා ඇති බව පසුගිය මාදයේදී වාර්තා විය.

"මං ජිසෙල් ගේ චරිතයට රඟපෑවේ හරිම ආසාවෙන්... ළඟදි මං 'එන්චාන්ටඩ්' චිත්‍රපටය ආයෙත් බැලුවා... සාමාන්‍යයෙන් මං රඟපාන චිත්‍රපට මං වැඩිය ආයෙත් බලන්නෑ... ඒ නිසා සොඳුරු අත්දැකීමක් වුනා," යැයි ඇය බ්‍රිතාන්‍යයේ එම්පයර් සඟරාව සමග පවසා තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top