ඔවුන් මෙලෙස එම අව්කණ්නාඩි යුවළ සොයා ඇත්තේ පසුගියදා නිපදවූ කෙටි චිත්රපටයක් වෙනුවෙනි.
'ෆැමිලි' ලෙස නම් කර ඇති මෙම කෙටි චිත්රපටයට අමිතාබ් භච්චන්, රජිනිකාන්ත්, මෝහන්ලාල්, මමූති, චිත්රාන්ජීවී, ප්රියංකා චොප්රා, රන්බීර් කපූර්, ආලියා භාත්, ප්රොසෙන්ජීත් චැටර්ජී, ශිවා රාජ්කුමාර්, සොනාලි කුල්කර්නි හා දිල්ජීත් දෝසන්ජ් නම් ඉන්දියානු කලාකරුවන් පිරිසක් පෙනී සිටියි.
මෙම කෙටි චිත්රපටයේ විශේෂත්වය වන්නේ එහි පෙනී සිටින සෑම නළුනිළියෙක්ම තමා පෙනී සිටින දර්ශන රූගත කර තිබෙන්නේ තමතමන්ගේම නිවෙස් තුළ වීමයි.
COVID-19 වසංගතය අතරතුරේදී තමතමන්ගේ නිවෙස් තුළට වී සුරක්ෂිතව සිටීමේ වැදගත්ගම පිළිබඳව අවසාන දර්ශනයේදී බච්චන් මහතා විසින් අවධාරණය කරයි.
ඉන්දීය සිනමා ක්ෂේත්රය එකම පවුලක් බවත්, පවතින ලොක්ඩවුන් තත්ත්වය හේතුවෙන් වැඩිම පීඩාවකට ලක්වූ එම ක්ෂේත්රයේ දෛනික වේතන ලබන්නන් හා කම්කරුවන් හට යම් සහනයක් ලබාදීමට ඔවුන් සියළුදෙනා අනුග්රාහකයන් හා රූපවාහිනි නාලිකා හා එක්ව පදනමක් පිහිටුවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙසේ නිපදවුනු 'ෆැමිලි' කෙටි චිත්රපටය මෙසේය :