Apr 15, 2020

ජසින්ඩා අනුකරණය කර නෙට් එකේ හිට් වුණු මෙලනි (වීඩියෝ)

නව කොරෝනාවෛරස වසංගතය හමුවේ ස්වයං හුදකලාවට ලක් වූ හාස්‍යකරණ ශිල්පිණියක් මේ දින වල ටික්ටොක් රසිකරසිකාවියන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙලනි බ්‍රේස්වෙල් නම් ඇය, මෙලෙස ජනප්‍රිය වී ඇත්තේ නවසීලන්තයේ අගමැතිනිය වන ජසින්ඩා ආඩර්න් මහත්මිය අනුකරණය කරමින් සිදුකළ ටික්ටොක් වීඩියෝ පෙළක් හේතුවෙනි.

ඇගේ වීඩියෝ මේ වන විට ලොවපුරා දහස් ගණනක් විසින් නරඹා ඇති අතර, ඇගේ රසිකරසිකාවියන් අතර, ආඩර්න් මහත්මියද සිටීම මෙහි විශේෂත්වයයි.

මෙලනි පවසන්නේ සිය වීඩියෝ මගින් උපහාසය නැංවීමට සිදුනොකළ බවයි. කොරෝනාවෛරස වසංගතය හමුවේ නවසීලන්තය සාර්ථක ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් ආඩර්න් මහත්මිය පිළිබඳව ඇගේ සිතේ ඉමහත් ආඩම්බරයක් ඇති බවත්, එවැනි පුද්ගලයෙකු වෙනුවෙන් ගෞරව දැක්වීමක් වශයෙන් මෙය සිදුකළ බව මෙලනි අවධාරණය කරයි.

ආර්ඩර්න් මහත්මියගේ නායකත්වය යටතේ Covid-19 පාලනය කිරීමට නවසීලන්ත රජය විසින් ගෙන ඇති පියවර වලට මේ වන විට ගෝලීය මට්ටමින් ප්‍රශංසාව හිමිවී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top