Apr 15, 2020

කාන් සිනමා උළෙල සුපුරුදු ලෙස පැවැත්වීමට නොහැකි ලකුණු

ලෝක සිනමා ක්ෂේත්‍රයේ සුවිශේෂීම සිනමා උළෙලක් වන ප්‍රංශයේ කාන් සිනමා උළෙල, මේ වසරේදී  සුපුරුදු ස්වරූපයන් පැවැත්වීමට හැකිවේ යැයි සිතීමට අපහසු බව එහි සංවිධායකයන් පවසයි.

මේ වසරේ මැයි 12 - 23 දක්වා පැවැත්වීමට මුලින් තීරණය කර තිබූ කාන් සිනමා උළෙල, කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් ජුනි හෝ ජූලි මාසය  දක්වා කල්තබා තිබුණි.

කෙසේවෙතත්, පෙරේදා දිනයේදී ප්‍රංශ රජය පවසා තිබුණේ එරට පණවා ඇති ලොක්ඩවුන් තත්ත්වය මැයි 11 වන තෙක් දීර්ඝ කරන බවත්, ප්‍රසිද්ධ උත්සව ජූලි මැද වන තෙක්වත් පැවැත්වීමට නොහැකි බවත් ය.

මේ අනුව, කාන් සිනමා උළෙල පැවැත්විය හැකි ආකාරය පිළිබඳව තවමත් පැහැදිලි නිවේදනයක් සිදුකර නැත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top