Apr 19, 2020

සෞඛ්‍ය සේවකයන්ට පැය 8ක ගීතමය හරසර (වීඩියෝ) Featured

මේ වන විට Covid-19 වසංගතයට එරෙහිව ලොව පුරා සටන්වදින සෞඛ්‍ය සේවකයින් හට හරසර දැක්වීමක් වශයෙන් සංගීත ලොව දැවැන්තම තරු රැසක් එක්ව පැය 08ක් පුරාවට දැවැන්ත ප්‍රසංගයක් පවත්වා තිබේ.

වන් වර්ල්ඩ් : ටුගෙදර් ඇට් හෝම් (One World: Together At Home) ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය සඳහා සියලුම සංගීත තරු එක්ව තිබුණේ සිය නිවෙස් වල සිටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා ග්ලෝබන් සිටිසන් මූව්මන්ට් සංවිධානය විසින් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණි.

පැය 6ක පුරා අන්තර්ජාල ස්ට්‍රීමින් සේවා ඔස්සේ ද පැය 2ක් පුරාවට ඇමෙරිකාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකා ඔස්සේ ද මෙම ප්‍රසංගය විකාශය විය.

මෙමගින් රැස්වූ සියලු අරමුදල් Covid-19 Solidarity Response Fund නම් අරමුදලයකට බැරවෙනු ඇත. කෙසේවෙතත්, මෙම ප්‍රසංගය සංවිධානය කිරීමට සහය දැක්වූ 'ලේඩි ගාගා' පවසා සිටියේ මෙය අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් නොව විනෝදාස්වාදය සහ සහයෝගීතාවයේ පණිවිඩ කෙරෙහි අවධානය යොමු කරන බවයි.

මෙම ප්‍රසංගය පහතින් නැරඹිය හැක:

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top