පසුගිය බ්‍රහස්පතින්දා දින චෙකොස්ලොවැකියාවේ ප්රාග් අගනුවර පිහිටි සිය මහල් නිවාසයේදී ඔහු මිය ගොස් ඇති අතර, මිය යන විට ඔහු 95 වියේ පසුවිය.
මේ බව ඔහුගේ චෙක් ප්‍රකාශක පීටර් හිම්මෙල් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වෙත සනාථ කර තිබුණි.
මුන්රෝ, ටොම් ටෙරිෆික් ඇන්ඩ් නුඩ්නික් වැනි කාටූන් නිර්මාණ කිරීමෙන් පසුව ඔහු ඉතා ජනප්‍රියත්වයට පත්විය.
ඔහු විසින් නිර්මාණය කළ 'මුන්රෝ', 1960 දී හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානයද දිනාගැනීමට සමත්විය. එම සම්මානය වෙනුවෙන් 1964දී ඔහුගේ නිර්මාණ දෙකක් නිර්දේශ විය.
මීට අමතරව ඔහු 'ටොම් ඇන්ඩ් ජෙරී' හා 'පපායි ද සේලර්' යන කාටූන් වල කොටස් කිහිපයක අධ්‍යෂකවරයා ලෙසද කටයුතු කළේය.