Apr 29, 2020

ඉර්ෆාන් ඛාන් දිවියෙන් සමුගනී

ජනප්‍රිය ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

මිය යන විට 53 වියේ පසු වූ ඔහු, ආසාදනයක් හේතුවෙන් ඊයේ දිනයේදී මුම්බායි හා කෝකිලාබේන් රෝහලට ඇතුළත් කර තිබුණි.

වසර 2018 මාර්තු මාසයේදී ඔහුට දුර්ලභ ඝනයේ පිළිකාවක් වැළඳී ඇතැයි සොයාගැනුනු අතැ, ඉන්පසුව ඔහු කාලයක් පුරාවට ඒ සඳහා ප්‍රතිකාරද ගෙන තිබුණි.

ඔහු අවසාන වශයෙන් පෙනී සිටි චිත්‍රපටය වන 'අන්ග්‍රේසි මීඩියම්' මාර්තු මාසයේදී එළිදැක්වුනු නමුත් ලොවපුරා පැතිරුනු කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් එහි සාර්ථකත්වයට දැඩි බලපෑමක් එල්ල විය.

මක්බූල්, ලයිෆ් ඉන් අ මෙට්‍රෝ, හින්දි මීඩියෙම්, පිකූ, ද ලන්ච්බොක්ස් ඇතුළු චිත්‍රපට ගණනාවක් ඔස්සේ ඔහු අතිජනප්‍රියත්වයට පත්විය.

දක්ෂ නළුවෙකු වූ ඉර්ෆාන් ඛාන් ගේ රංගන කුසලතා බොලිවුඩ් තිරයට සීමා නොවුනු අතර, ඔහු සම්මානලාභී බටහිර චිත්‍රපට රැසකට ද එක්විය. ස්ලම්ඩෝග් මිලියනියර්, අ මයිටි හාට්, දි අමේසින් ස්පයිඩර් මෑන්, ජුරාසික් වර්ල්ඩ්, ලයිෆ් ඔෆ් පයි චිත්‍රපට මේ අතර වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top