Apr 30, 2020

රිෂී කපූර් ජීවන රඟමඬලින් සමුගනියි !

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් ඉන්දියාවේ මුම්බායිහි රෝහලකදී අද (30) උදෑසනදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට  67 හැවිරිදි වියේ පසුවූ අතර හින්දි චිත්‍රපට විශාල සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු ජනප්‍රිය නළු රන්බීර් කපුර් ගේ පියාණන් ද වේ.

ස්වසන අපහසුතාවක් හේතුවෙන් ඊයේ (29) උදෑසන ඔහුව මුම්බායි හි රෝහලකට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබුණි.

රිෂී කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර නිව්යෝක් හි වසරක ප්‍රතිකාරයකින් පසු පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය.    

ඔහු දශක දෙකකට අධික කාලයක් පුරා බොලිවුඩ් චිත්‍රපට ගණනාවක ප්‍රේමාන්විත චරිත රඟපෑවේය.

තුන්වන පරම්පරාවේ නළුවෙකු ලෙස සැළකෙන ඔහු ප්‍රවීන නළු රාජ් කපූර්ගේ දෙවැනි පුත්‍රයා සහ ප්‍රිතිවිරාජ් කපූර්ගේ මුනුබුරාද විය. 

ඔහු ආරම්භ කළේ මේරා නාම් ජෝකර් (1970) හි ළමා කලාකරුවෙකු ලෙසය.ඒ සඳහා ඔහුට ඉන්දියාවේ ජාතික සම්මානය හිමි විය. වැඩිහිටි ප්‍රධාන චරිතයක් ලෙස ඔහුගේ පළමු චිත්‍රපටය 1973 දී බොබී ය.එතැන් පටන් ගත වූ දශක 4ක් තුළ කපූර් චිත්‍රපට 90 කට අධික සංඛ්‍යාවක රඟපෑවේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top