May 04, 2020

Covid-19 අරමුදල් රැස්කරන්න ඉන්දීය තරු එක්වෙයි (වීඩියෝ)

Covid-19 වසංගතය හේතුවෙන් දැඩි ආර්ථික බලපෑමට ලක්වූවන් වෙනුවෙන් අරමුදල් රැස්කිරීමට ඉන්දියාවේ කලා ක්ෂේත්‍රයේ දැවැන්ත තරු 70ක් පමණ එක්වී තිබේ.

I for India ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය පැය 4ක් පුරාවට ෆේස්බුක් ඔස්සේ සජීවී ලෙස ඊයේ විකාශය වූ අතර, එය නරඹන්නන් හට මෙම අරමුදලට මුදල් ප්‍රදානය කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.

මෙම ප්‍රසංගයෙන් රැස්වෙන සියලු අරමුදල්, ලාභ නොලබන අරමුදලක් වන ගිව්ඉන්ඩියා වෙත යොමුකෙරෙනු ඇත.

අමිතාබ් බච්චන්, ශාරුක් ඛාන්, අමීර් ඛාන් වැනි දැවැන්ත බොලිවුඩ් නළුනිළියන් රැසක් මෙන්ම ශංකර් මහදේවන්, අනුෂ්කා ශංකර්, ශ්‍රෙයා ගෝෂාල් හා සෝනු නිගම් වැනි ජනප්‍රිය සංගීත තරුද මේ සඳහා එක්ව තිබුණි.

මීට අමතරව, මේ සඳහා ජාත්‍යන්තර තරු කිහිපයක් ද එක්ව තිබුණි. ප්‍රියංකා චොප්රා ගේ සැමියා වන නික් ජෝනාස්, ජනප්‍රිය ගායන ශිල්පී බ්‍රයන් ඇඩම්ස් මෙන්ම ජනප්‍රිය යූටියුබ් තරුවක් වන ලිලී සිං ද මීට එක්විය.

මෙම ප්‍රසංගය පහතින් නැරඹිය හැක.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top