May 06, 2020

සිනමාහල් සේවකයන්ගේ 5000 ප්‍රමාදයට හේතු හෙළිවෙයි !

සිනමාහල්වල සේවය කරනු ලබන සේවකයන්ට ද රජයෙන් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට අනුමතව ඇතත් ජාතික චිත්‍රපට සංස්ථාවට මෙතෙක් එම සේවකයන් සම්බන්ධ තොරතුරු සම්පාදනය කර ගැනීමට නොහැකිවීමෙන් එම සේවකයන්ට එය නොලැබෙන තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

ජාතික චිත්‍රපටි සංස්ථාවේ සේවකයන් 160 කට වැඩි ප්‍රමාණයක් සිටිය ද සිනමාහල් 180ක පමණ සේවකයන්ට රුපියල් 5000 දීමට තවමත් නොහැකි වීම ගැන සිනමා භල්හිමියන් සිය කනගාටුව පලකරයි.

රජය මේ වන විටත් දෙවැනි වතාවටත් රුපියල් පන්දහස සමාන්‍ය ජනතාව අතර බෙදාදීම ආරම්භ කර ඇතතත්, ජාතික චිත්‍රපට සංස්ථාවට එය පළමු වටය හෝ බෙදාදීමට නොහැකිව තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top