May 10, 2020

ලිට්ල් රිචඩ් මිය යයි

පුරෝගාමී රොක් ඇන් රෝල් ගායක ලිට්ල් රිචඩ් දිවියෙන් සමුගෙන තිබේ.

මිය යන විට ඔහු 87 වියේ පසුවිය.

Good Golly Miss Molly, Tutti Frutti හා Long Tall Sally වැනි ගීත රැසක් ගායන කළ ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ 50වැනි දශකයේදීය.

ලිට්ල් රිචඩ් ඔවුන්ට ආභාෂයක් වූ බවට, පසුකාලීනව අතිජනප්‍රියත්වයට පත් වූ බීට්ල්ස්, එල්ටන් ජෝන් හා එල්විස් වැනි බටහිර සංගීත තරු ද පවසා ඇත.

ඔහු, වසර 1986දී Rock and Roll Hall of Fame වෙත එක්කෙරුණු පළමු තරු අතරද වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top