May 13, 2020

රානා ඩග්ගුබාති ට මංගල සීනු!

ජනප්‍රිය ඉන්දීය නළු රානා ඩග්ගුබාති විවාහ ගිවිසගෙන තිබේ.

හයිදරාබාද් හි ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පය පිළිබඳ ව්‍යවසායිකාවක් වන මිහීකා බජාජ්, ඔහුගේ මනාලියයි.

තමා හා විවාහ වීමට මිහීකා කැමැත්ත පළ කළ බව පවසමින් රානා විසින් ඊයේ දිනයේදී (12) ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් එක්කර තිබේ.

Rana1 670px 20 05 13

සම්මානලාභී තෙලුඟු චිත්‍රපටයක් වන ලීඩර් ඔස්සේ සිය රංගන වෘත්තියට පිවිසි රානා, දම් මාරෝ දම්, බේබි, බහුබාලි චිත්‍රපට ත්‍රිත්වය ඔස්සේ අතිජනප්‍රියත්වයට පත්විය.

මේ අතර, ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් රානා ගේ පියා වන සුරේෂ් බාබු පවසා ඇත්තේ රානා - මිහීකා ගේ විවාහය සම්බන්ධයෙන් මුළු පවුලම ඉතා සතුටට පත්ව සිටින බවයි.

තවද, ඔවුන් දෙදෙනා බොහෝවිට මේ අවුරුද්දේ දෙසැම්බරයේදී හෝ ඊට පෙර විවාහ වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top