May 15, 2020

මධුරි ගේ පළමු ගීතය ළඟදීම!

බොලිවුඩ් තිරයේ අතිදක්ෂ නිළියක් හා සොඳුරු නර්තන ශිල්පිනියක් වන මධුරි ඩික්සිත් සිය උපන්දිනය අද (15) සමරයි.

තමා වෙත ගලා ආ සුභපැතුම් වෙනුවෙන් සිය රසික රසිකාවියන් හට ස්තූති කරමින් මධුරි තමා පිළිබඳව අලුත් ආරංචියක් ද හෙළිදරව් කර තිබේ.

ඒ, ඇගේ ගායන හැකියාවන් පිළිබඳවයි.

ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක්කරමින් මධුරි පවසා ඇත්තේ තම පළමු ගීතය නුදුරේදීම එළිදැක්වීමට අදහස් කරන බවයි.

'කැන්ඩ්ල්' (candle) ලෙස නම් කර ඇති මෙම ගීතය 'බලාපොරොත්තු' පිළිබඳව ගීයක් බව ඇය පවසා තිබේ.

ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහන මෙසේය. 

MadhuriSong1 670px 20 05 15

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top