May 20, 2020

ආශා බෝස්ලේ යූටියුබ් චැනල් එකක් පටන්ගනියි

දශක කිහිපයක් පුරාවට ජනප්‍රිය ඉන්දීය ගායිකාවක් වන ආශා බෝස්ලේ අලුත් වැඩකට අතගසා තිබේ.

ඒ, තමන්ගේ නිර්මාණ වෙනුවෙන් පසුගිය බදාදා දිනයේදී නව යූටියුබ් නාලිකාවක් ආරම්භ කරමිනි.

මෙම නාලිකාව ඇරඹීම පසුපස සිටින්නේ සිය මිණිබිරිය වන Zanai බව ඇය පවසන්නීය.

ආශා මහත්මියගේ ගීත වලට අමතරව, ඇය පිළිබඳ තොරතුරු හා ඇගේ අත්දැකීම් පිළිබඳව කරුණු ද මෙම නාලිකාවට ඇතුළත් වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top