Feb 10, 2017

කන්න කියුට් වැඩි පැන්ඩා මැකරොන් (ඡායා)

බටහිර ලෝකයේ රසකැවිලි අතර 'මැකරොන්' වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
 
ලංකාවේ වුවද, කොළඹ ඉහළ සමාජයේ උපන්දින සාද වල ඇති කැවිලි මේස වල නොවරදින අංගයක් බවට මැකරොන් පත්වී අවසන් ය.
 
මෙම ජනප්‍රිය කැවිලි වර්ගයේ ආරම්භය වාර්තා වන්නේ ඉතාලියෙන් හා ප්‍රංශයෙනි. 
 
ආහාර පිසීම නිර්මාණාත්මක කලාවක් ලෙස සිදුකරගෙන යන්නන් අතර ජනප්‍රිය අංගයක් වන මැකරොන් නිර්මාණය කිරීමේ අළුත්ම විලාසිතාව පහත දැක්වේ.
 
ඒ, ඉතා සුරතල් සතුන් ගේ රුව සහිතව නිර්මාණය වන මැකරොන් ය.
 
මෙම අපූරු නිර්මාණ සිදුකළ ඇති කැනඩාවේ ටොරොන්ටෝ හි වෙසෙන මෙම කලාකාරිනිය Melly Eats World ලෙස ඉන්ස්ටර්ග්‍රෑම් හි ඉතා ජනප්‍රිය චරිතයකි.
 
පැන්ඩා, වඳරු පැටවුන්, කුකුළන්, පූසන්, හාවන් ගේ රුව සහිත ව නිර්මාණය කර ඇති මෙම රසකැවිලි වල පිටුපස එම සතුන් ගේ නැටි පවා එකතු කර තිබීම මෙහි සුරතල්බව වැඩිකරයි.
 
(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top