May 25, 2020

සිනමාහල් අරින්න තවම අවසර නෑ Featured

හෙට (26) සිට කොළඹ ඇතුළු දිවයින පුරා ඇඳිරිනීතිය ලිහිල් කර තිබුණද, සිනමාහල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවසර ලබාදී නැතැයි පොලිසිය පවසයි.

සිනමා ශාලා සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කර ඇති බැවින් ඒවා ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කළ යුතු බව පොලිස් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පොදු ස්ථාන විවෘත කර ඇති නමුත් සිනමා ශාලා සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් තවමත් තීරණයක් ගෙන නැතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

විවෘත කර ඇති පොදු ස්ථාන පිළිබඳ අදාළ මාර්ගෝපදේශ හා උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top