May 26, 2020

CIDය ගෙදරට ගෙන්නගෙන ඉරාජ් කටඋත්තර දීලා ! Featured

සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝව තමාට ලැබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් බව රැප් ගායක ඉරාජ් වීරරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ.

අවශ්‍ය නම් එය හරීන්ගෙන් ලැබුණු බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව ඉරාජ් රහස් පොලිසියට කියා ඇතැයි මවුබිම පුවත්පත වාර්තා කර ඇත.

ඉරාජ් මේ ප්‍රකාශය ලබාදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය ගෙදරට ගෙන්වාගෙනය.

හරීන්ගෙන් ලැබුණු වීඩියෝව බලා එය මකා දැමූ බවද (Delete) ඉරාජ් එහිදී කියා ඇත.

ඉරාජ් එහිදී පොලිසියට මේ පිළිබඳව සෙවීමට සහයදීමට ද එකඟ වී තිබේ.

කෙසේවුවද, තමාට අදාළ වීඩියෝව හරීන් එවූ බව ඉරාජ් කියා සිටියද එය හරීන් කෙළින්ම තම දුරකථනයට නොඑවූ බවත්, එය වෙනත් පුද්ගලයකු හරහා එවූ බවත් රහස් පොලිසියට පවසා ඇත.

ඉරාජ්ගේ බලේ

මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වන ජීවන් කුමාරතුංග මහතාගේ දියණිය වන හිටපු පළාත් සභා මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබූ අතර ඇය එම ප්‍රකාශය ලබාදී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස්ය.

එසේම ඇගේ ජංගම දුරකථනයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සඳහා ගෙන තිබිණි.

මගේ නොවන මගේ කියන සමරිසි වීඩියෝව ගැන කාවිංග කට අරියි

තමන්ගේ යැයි කියමින් අන්තර්ජාලයට මුදා හැර තිබූ සමරිසි වීඩියෝව තමන්ගේ නොවන බව ඔප්පු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියයි.

නිවේදකයකු වන චමුදිත සමරවික්‍රමගේ Truth With Chamuditha යූටියුබ් සංවාද වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබිණි.

කාවිංග එම වීඩියෝව දැනට වසර දෙකකට පමණ පෙර ඉන්දීය වෙබ් අඩවියක තිබූ එකක් බවත් එය යලි සංස්කරණය කර අන්තර්ජාලයට එක්කර තිබූ බවත් කියා සිටී.

මේ සිද්ධියට ඉරාජ්, මෙන්ම ඔහුගේ සොයුරිය වන රිෂිනි ද සම්බන්ධ බව කාවිංග එහිදී හෙළිකර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top