May 30, 2020

කයිලි ජෙනර්ව ෆෝබ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවෙන් ඉවත් කරයි

ෆෝබ්ස් සඟරාව රියැලිටි ටීවී තරුවක් සහ ව්‍යවසායකයෙකු වන කයිලි ජෙනර් එහි ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

වසර 2019 දී ෆෝබ්ස් සඟරාව විසින් කඩෑශියන් පවුලේ ලාබාලතම සාමාජිකාව වන කයිලි ජෙනර් සිය ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට එක් කළ අතර ඒ ඇගේ කයිලි කොස්මෙටික්ස් සහ කයිලි ස්කින් නැමති ව්‍යාපාර ලබාගත්තායැයි වාර්තා වූ ඉහළ ආදායම අනුවයි.

කෙසේවෙතත් කයිලි ජෙනර් සිය ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරමින් ඇගේ රූපලාවණ්‍ය ව්‍යාපාරයේ වටිනාකම ඇගේ පවුලේ සමාජිකයින් විසින් සැබෑ තත්වයට වඩා වැඩි කර පෙන්වා දී බවට ෆෝබ්ස් සඟරාව විසින්චෝදනා කර තිබේ.

ෆෝබ්ස් පවසා ඇත්තේ ඔවුන් කයිලි සතු සැබෑ ධනයට වඩා ඇය  ධනවත් ලෙස ඉදිරිපත් කිරීම සඳහා “අසාමාන්‍ය ලෙස” කටයුතු කර ඇති බවයි.

මේ  පිළිබඳව ට්විටර් පණිවිඩයක් හරහා සිය අදහස් පළ කරමින් කයිලි පවසා ඇත්තේ තමන් කිසිවිටකත් එවැනි පදවි නාමයක් ඉල්ලා සිටියේ නැති බවත් එය ලබා ගැනීම සඳහා අසත්‍ය පවසා නැති බවත්ය.

තමා සතු ධනය කොපමණදැයි ඔප්පු කරනවාට වඩා වැදගත් සියයකුත් දේ මේ වේලාවේ නම් කළ හැකි බවද ඇය තවදුරටත් පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top