එම දැන්වීමට අනුව රජත පුස්තක සම්මානය සඳහා සුදුසු කෘති තේරීම මේ වන විට සිදුවෙමින් පවතින අතර ජුලි මාසය වන විට රටේ පවතින තත්ත්වය අනුව සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවුවද, සම්මාන උළෙල නොපැවැත්වුව ද ජයග්‍රාහී කෘති තෝරා ඊට අදාළ ත්‍යාග සහ සහතික පත් ප්රදානය කිරීමට සංවිධායකයෝ තීන්දු කර තිබේ.
ස්වර්ණ පුස්තක සම්මානයට අදාළ කෘති තේරීමේ කටයුතු ද මේ දිනවල සිදුකෙරමින් පවතින අතර පාදක මණ්ඩලය තෝරා දෙන පළමු වටයේ කෘති 12 ජුලි මාසයේ දි මාධ්‍යය මගින් ප්‍රසිද්ධ කිරිමට නියමිතය.
පසුව එම කෘති 12 මධ්‍ය මණ්ඩලය වෙත යොමු කර අවසන් වටයට අදාළ කෘති පහ ද මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමට සැලැසුම්කර තිබේ.
සැප්තැම්බර් මාසය වන විට රටේ තත්ත්වය යහපත් නම් සම්මානඋළෙල පැවැත්විමට සූදානම් බව ද වාර්තා වේ.
එමෙන්ම රටේ පවතින වාතාවරණය යහපත් නම් මහනුවර පොත් ප්‍රදර්ශනය අගොස්තු මාසයේ දී සැප්තැම්බර් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත්රණ ශාලා පරිශ්‍රෙය් දී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට සැලැසුම්කර ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කියා සිටී.