Jun 09, 2020

ගිය ඉරිදා අරුම පුදුම රෝද හතරේ නැවත විකාශයක් ගියේ ඇයි?

LMRB සමීක්ෂණ වාර්තා අනුව රූපවාහිනීයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන වැඩසටහන වන "අරුම පුදුම රෝද හතර" වැඩසටහන පටිගතකර තිබියදීත් එය විකාශය නොකර වසර 4ක් පමණ පැරණි වැඩසටහනක් පසුගිය ඉරිදා විකාශය කර තිබේ.

ඒ "අරුම පුදුම රෝද හතර" වැඩසටහනෙහි නිෂ්පාදක ලෙස කටයුතු කරන චන්දන සෙනෙවිරත්න නැමැත්තා තමාගේ වැඩසටහන වෙනුවට දින ගණනක් තිස්සේ දේශපාලන වැඩසටහනක් සංස්කරණය කිරීම නිසාය.

අරුම පුදුම රෝද හතර ශ්‍රී ලoකාවේ හොදම සගරාමය රූපවාහිනී වැඩසටහන ලෙසද කිහිපවරක් සම්මාන දිනාගත් වැඩසටහනකි.

රූපවාහිනීය ආදයම් අතින් දුර්වල අඩියකට වැටී ඇති අවස්ථාවක එහි ඇති ආදයම් උපයන හා ඉහල ප්‍රේක්ෂක ආකර්ශණයක් ඇති මෙවැනි වැඩසටහනක් විකාශය නොවීම ගැන රූපවාහිනී සභාපති, අධ්‍යක්ෂක ජනරල්වරයා හෝ වැඩසටහන් අංශයේ කිසිවකු දැන සිට නැතැයි ද මේ අතර වාර්තා වේ.

අදාල නිෂ්පාදක හිටපු සභාපතිවරයෙකුට අසභ්‍යය වචනයෙක් බැන වැදීම ඇතුලු විනය විරෝධී ක්‍රියා හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි අයෙකු බව රූපවාහිනීයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රූපවාහිනිය තුළ පොහොට්ටු පක්ෂයට සම්බන්ධ සේවකයින් තම හිතුමනාපයට වැඩකිරීමත්, ආයතන ප්‍රධානීන් ඒ සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමර්ගයක් නොගැනීමත් හේතුවෙන් රූපවාහිනිය තවදුරටත් අගාධයටයාමේ අවදානමක් මතුව ඇති බව එහි සේවකයෝ කියති.

මෙසේ කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටියදීය.

එම ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර තිබිණි.

රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනකු සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 05ක පමණ මුදලක් මාසිකව වැය වන බව වාර්තා වේ.

ඔවුන්ට අනෙකුත් දීමනාගෙවීම සදහා මාසකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක්ද වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top