Jun 14, 2020

සුෂාන්ත් සිං රාජ්පුත් සියදිවි හානි කරගනියි!

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් අද (14) දිනයේදී සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.

මුම්බායි හි බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස තුළ සිය ගෙළ වැළලාගෙන සිටි බව මුම්බායි පොලිසිය සඳහන් කරයි.

ඔහු මිය යන විට 34 වියේ පසු විය.

නවදිල්ලියේ ඉංජිනේරු විද්‍යාව හැදෑරු සුෂාන්ත් රංගන වෘත්තියට පිවිසීමට අවසන් වසරේදී සිය විශ්ව විද්‍යාලය දිවිය අත්හැරදැමුවේය. ඔහු මුලින්ම රසික ජනප්‍රියත්වයට පාත්‍ර වූයේ බලාජී ටෙලිනාට්‍යයක් වූ 'පවිත්‍ර රිෂ්තා' ඔස්සේය.

කායි පෝ චේ චිත්‍රපටයෙන් 2013දී බොලිවුඩ් රිදී තිරයට පිවිසි සුෂාන්ත් එම්.එස්. දෝනි චරිතාපදානය, අමීර් ඛාන් ගේ PK, කදර්නාත්, චිච්චෝර් හා ඩ්‍රයිව් වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත්විය.

පසුගිය 08දා ඔහුගේ කළමනාකාරිණිය ව සිටි 28 හැවිරිදි දීෂා සාලියන් ද උස් ගොඩනැගිල්ලකින් පැනීමෙන් සියදිවි හානි කරගත්තාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top