Jun 20, 2020

'බිල්බෝ' දිවියෙන් සමුගනී

ප්‍රවීණ බ්‍රිතාන්‍ය නළු ඉයන් හෝම් වයස අවුරුදු 88 දී මියගොස් තිබේ.

'ලෝඩ් ඔෆ් ද රින්ග්ස්' චිත්‍රපට ත්‍රිත්වයේ සහ 'ද හොබිට්' හි බිල්බෝ බැගින්ස් චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ඉයන් හෝම් ඊයේ (19) මෙලොවින් සමුගෙන ඇත්තේ පාකින්සන් රෝග හේතුවෙනි.

ඒලියන් චිත්‍රපටය හරහා විශාලා ජනප්‍රියතවයක් දිනා ගත් ඔහු,චැරියට්ස් ඔෆ් ෆයර් චිත්‍රපටයේඅ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය සඳහාද නම් කරන ලදී.

චැරියට්ස් ඔෆ් ෆයර් හි මළල ක්‍රීඩා පුහුණුකරු සෑම් මුසබිනිගේ චරිතය සඳහා  ඔහුට කෑන්ස් සිනමා උළෙලේදී විශේෂ සම්මානයක් සහ BFTA සම්මානයක්ද හිමි විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top