'බ්ලැක් පැරේඩ්' ලෙස නම් කර ඇති මෙම ගීයට කළු ජාතිකයන් ගේ ඉතිහාසය, පොලිස් ප්රචණ්ඩත්වය හා ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා වැනි දෑ ඇතුළත් වේ.
ඇගේ ගීය පහතින් දැක්වේ.
ඇමෙරිකාව තුළ කළු ජාතිකයන් වහල්භාවයේ නිල අවසානය සනිටුහන් කරන 'ජූන්ටීන්ත්' සැමරුම් දිනයේදී මෙම ගීතය එළිදක්වා තිබේ. ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඇරඹුනු මෙම සැමරුම මේ වන විට වාර්ෂිකව ඇමෙරිකාව පුරාවට ජුනි 19දින සැමරේ.
මේ අතර, බියොන්සේ විසින් 'බ්ලැක් පැරේඩ් රූට්' නමින් කළු ජාතිකයන් ගේ හිමිකාරීත්වයේ පවතින ව්‍යාපාර ඇතුළත් අන්තර්ජාල නාමාවලියක්ද නිකුත් කර තිබේ.