ලොක්ඩවුන් සමයේදී කඳුකර ප්‍රදේශයේ කුඩා කුටියක තුළ සිට තමා මෙම කෘතිය ලියමින් යන බව ඔහු ඔහු බ්ලොග් සටහනක් මගින් සිය රසික රසිකාවියන්ට පවසා තිබේ.
'වින්ඩ්ස් ඔෆ් වින්ටර්' නම් මෙම කෘතිය ලබන වසරේදී සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව 71 හැවිරිදි මාටින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මනංකල්පිත වෙස්ට්‍රොස් රාජධානිය පදනම් කරගත් 'ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්' කතා මාලාවේ කෘති මෙන්ම එය කතාව ඔස්සේ නිර්මාණය කෙරුණු HBO රූපවාහිනි නාට්යමාලාවද ලොවපුරා අතිජනප්‍රිය විය.