Jun 27, 2020

වසා දමා තිබූ සියලු සිනමා ශාලා අද සිට ඇරෙයි

තුන් මසකට ආසන්න කාලයක් වසා දමා තිබූ දිවයිනේ සියලු සිනමා ශාලා අද (27) සිට සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව විවෘත කර පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබේ.

සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.

විසබීජහරණය සහ සමාජ දුරස්ථභාවයයි ඉන් ප්‍රමුඛ කරුණු ලෙස දක්වා තිබේ.

කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සියලු සිනමා ශාලා පසුගිය මාර්තු 14 වැනිදා සිට වසා දැමුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top