Jun 27, 2020

'දඩ ඉම' ට ජාත්‍යන්තර සම්මානයක් : සම්මානය රුවන් කොස්තාට

ප්‍රංශයේ නීස් නුවර (Nice - France) ජාත්‍යන්තර සිනමා උළෙලේ දී BEST CINEMATOGRAPHY- විශිෂ්ඨතම කැමරාකරණය සදහා වු සම්මානය, රුවන් කොස්තා විසින් ජයග්‍රහණය කර තිබේ.

ඊට අමතරව හොඳම චිත්‍රපටිය සදහා ද, ජුරී සම්මානය සදහා ද, හොඳම තිර රචනය සහ හොඳම නළුවා (සහය) ලෙස ජැක්සන් ඇන්තනී මහතා ද නිර්දේශ වී තිබිණි.

Covid-19 වසංගතය මුලු ලොවම ආක්‍රමණය කර ඇති අවධියකදී, on line ක්‍රමයට virtual උළෙල මෙවර පවත්වන ලදී.

'දඩ ඉම'ට මෙතෙක් දුරට ජාත්‍යන්තර සම්මාන 14ක් ලබා ඇති අතර Covid-19 වසංගත තත්ත්වය පාලනය වු විගසම EAP සිනමා ශාලා සහ අනෙකුත් ප්‍රධාන සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top