Jul 01, 2020

සිබිල් නැන්දා සමුගනියි !

ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ වි ඇත.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඇය ඊයේ (30) රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයට ඇතුළළත් කර තිබේ.

කෙසේවුවද, පසුව ඇය අද පෙරවරුවේ මියගොස් ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂකවරයා ඒ බව සඳහන් කර සිටියේය.

මිය යන විට ඇය 93 වැනි වියේ පසුවූවාය.

ඇය ලියූ 'කුඩ හොරා' කෘතිය ළමා කෘති අතර අතිශය ජනප්‍රිය කෘතියක් වන අතර ඇය මාධ්‍ය ලෝකයේ ජනප්‍රියව සිටියේ “සිබිල් නැන්දා” ලෙසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top