මියයන විට ඇගේ වයස අවුරුදු 71කි.
ඇය හෘදයාබාධයකින් ඛාන් මුම්බායි නගරයේ රෝහලකදී මිය ගිය බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දශක හතරක් පුරාවට නර්තන ක්ෂේත්රයේ කීර්තිමත් වෘත්තිවේදිනියකු වූ ඇය අතින් බොලිවුඩයේ නිර්මාණය වූ සුවිශේෂී නර්තන දර්ශන රැසක් නිර්මාණය විය.
මිස්ටර් ඉන්ඩියා චිත්රපටයේ ශ්රී දේවි රැඟූ 'හවා හවා' ද මධුරි ඩික්සිත් විසින් නර්තනයේ යෙදුනු ටෙහ්සීබ් චිත්රපටයේ 'ඒක් දෝ තීන්' හා දේව්දාස් චිත්රපටයේ 'ඩෝලා රෙ' ගීත ඒ අතරින් සුවිශේෂයි.
නර්තන නිර්මාණය සඳහා පළමු ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන්ද පිදුම් ලබා ඇත්තේ ඇයයි. ඊට අමතරව මෙම සම්මානය 08 වරක් දිනාගනිමින් නර්තන නිර්මාණය සඳහා සම්මානය වැඩිම වරක් දිනාගෙන ඇත්තේ ද ඇයයි. මේ අතර, ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළලේදී ද හොඳම නර්තන නිර්මාණය සඳහා ඇය තෙවරක් දිනාගෙන තිබේ.