Pasidol
Sathosa Ad Final Sinhala
Feb 13, 2017

ඇඩෙල් අතින් සම්මානය දෙකට කැඩෙයි

ජනප්‍රිය ගායිකා ඇඩෙල් මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ දී හොඳම ගීත ඇල්බමය සඳහා සම්මාන ලැබුවාය.
ඒ, ඇගේ ඇල්බමය වන 25 සඳහා ය. ඇය මෙම සම්මානය දිනාගත්තේ බියොන්සේ ගේ ලෙමනේඩ් ඇල්බමය ද පරදවමිනි.
 
කෙසේවෙතත්, සම්මානය ලබාගනිමින් ඇඩෙල් පවසා සිටියේ ඇයට එම සම්මානය ලබාගැනීම අපහසු බවයි.
 
“මට මෙම සම්මානය ගැනීමට අපහසුයි. ලෙමනේඩ් ඇල්බමය ඉතා සුවිශේෂි දැවැන්ත නිර්මාණයක්. අපි හැමෝම එය අගය කරනවා. අපි කළාකරුවො හැමෝම ඔබට ආදරෙයි. ඔබ අපේ ආලෝකයයි,” ඇය ඉතා සංවේදී ලෙස පැවසුවාය.
 
කෙසේවෙතත්, ඇගේ උද්වේගය වැඩි වූ නිසාවෙන් දෝ ඈ අතින් එම සම්මානය කැබලි දෙකකට කැඩුනු අතර, එසේ වුවත් ඇඩෙල් සිය සුපුරුදු සිනාමුසු මුහුණින් වේදිකාවෙන් බැස ගියාය.
 
 Adele1 900px 17 02 13Adele2 900px 17 02 13

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top