Jul 11, 2020

චිකන් රන්හි වයස්වාදයෙන් කෝපයට පත් ස්වාල්හා

'චිකන් රන්' චිත්‍රපට මාලාවේ මීළඟ නිෂ්පාදයනට තමාව සහභාගී කරවා නොගැනීම පිලිබඳ තමා දැඩි සේ කැළඹීමට සහ කෝපයට පත්ව සිටින බව නිළියක වන ජූලියා සවාල්හා පවසා තිබේ.

මෙසේ ඇයව චිත්‍රපටයට සම්බන්ධ කර නොගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ මේ වනවිට ඇයගේ කටහඬ වයස්ගත භාවයක් ගැනීමයි.

වසර 2000 දී නිකුත් කරන ලද 'චිකන් රන්' සජීවිකරණ චිත්‍රපටයේ ජින්ජර් නැමති කිකිළියගේ චරිතයට හඬකැවූ සවාල්හා කියා සිටියේ තමා අසාධාරණ ලෙස සේවයෙන් පහ කර ඇති බවයි.

මෙම භූමිකාව නැවත තරුණ ශිල්පිනියක් යොදාගෙන ප්‍රතිනිර්මාණය කරන බව පැවසීමෙන් පසු තමා ඉතා කණස්සල්ලට පත් වූ බව ස්වාල්හා පැවසූ නමුත් ඇය චිත්‍රපටයට “සුබ පැතුම්” එක් කර තිබේ.

මූලාශ්‍රය - බීබීසී

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top