Jul 18, 2020

අයිශ්වර්යා සහ ආරධ්‍යා රෝහල් ගත කරයි Featured

බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි සහ දියණිය ආරධ්‍යා බච්චන් මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් කර තිබේ.

අයිශ්වර්යා සහ ආරධ්‍යා හට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බවට ජූලි 12 වන දින තහවුරු විය.

අමිතාබ් බච්චන් සහ පුත් අභිෂේක්ගේ කොවිඩ් 19 පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක බව දැන ගැනීමෙන් පසුව ඔවුන්ව පරීක්‍ෂාවට ලක් කරන ලදී.

ජයා බච්චන්, ෂ්වේතා බච්චන් සහ ඇගේ දරුවන් ඇතුළු පවුලේ අනෙකුත් සාමාජිකයින්ට වෛරසය වැළදී නැති බව තහවුරු වී තිබේ.

ඒත් සමඟ අමිතාබ් සහ අභිෂේක් නැනාවතී රෝහලට ඇතුළත් කර ඇති අතර, අයිශ්වර්යා සහ ආරධ්‍යාට නිරෝධායනයවන ලෙස උපදෙස් දී තිබේ.

මූලාශ්‍රය - ඉන්දියන් එක්ස්ප්‍රස්

සබැඳි පුවත්

අමිතාබ්ගේ පුතාටත් කොරෝනා ! (Update)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top