Feb 14, 2017

ප්ලේබෝයි සඟරාවට නිරුවත යළිත් එයි

කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට එම සඟරාව තීරණය කර තිබේ.

මේ පිළිබඳව ප්ලේබෝයි නිර්මාතෘ හියු හෙෆ්නර් ගේ පුත් - කූපර් හෙෆ්නර් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ. සඟරාවේ ප්‍රධාන නිර්මාණ නිළධාරියා වශයෙන් කටයුතු කරන්නේ ද කූපර් ය.

කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව 2015 දී ගත් තීරණය වරදක් බව ඔහු සඳහන් කරයි.

අද, අප අපගේ අනන්‍යතාව හා යළි එක්වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

playboy

මේ අතර, මෙම නව තීරණය වැඩිදුරටත් ප්‍රවර්ධනය කිරීමට #NakedIsNormal හෑෂ්ටැග් එක සමග ප්ලේබෝයි සඟරාවේ මාර්තු - අප්‍රේල් කලාපය එළිදක්වා තිබේ.

playboy2

මෙම තීරණය ඇතැමුන් විසින් ප්‍රශංසා කර ඇති නමුත් ඇතැමුන් පවසන්නේ සඟරාවේ අලෙවිය අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව 2015 ඔක්තෝබර් මාසයේදී තීරණය කර තිබූ අතර, එම තීරණය 2016 මාර්තු කලාපයේ සිට බලපැවැත්වුණි.

සබැඳි පුවත් :
සම්පූර්ණ නිරුවත නැති ප්ලේබෝයි මෙන්න!

ප්ලේබෝයි සඟරාවෙන් නිරුවත් ඡායාරූප ඉවතට

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top