Jul 29, 2020

අයිශ් සහ ආරධ්‍යා රෝහලේ සිට යළි ගෙදර එයි

කොවිඩ් - 19 වෛරසය ආසාදිතව සිට පසුව රෝහල් ගත කෙරුණු බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් සහ ඇගේ දියණිය වන ආරධ්‍යා බච්චන් රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඇය සහ දියණිය සතියකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව මෙසේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඇගේ සැමියා වන අභිෂේක් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්‍රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව සඳහන් වේ.

සබැඳි පුවත්

අයිශ්වර්යා සහ ආරධ්‍යා රෝහල් ගත කරයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top